Saturday, July 21, 2012

Stock Market සිංහලෙන් #06 - ලැයිස්තු ගත කිරීම් සහ පුවරු


කලින් පොස්ට් එකෙන් අපි සමාගම් වර්ග කරලා තියෙන හැටිත් ඒ ඒ වර්ග වලට අදාලව තියෙන සමාගම් ගැනත් දැන ගත්තනේ. අද මම කියලා දෙන්න හදන්නේ සමාගම් ලැයිස්තු ගත කරන හැටි. ඒ වගේම අපේ කොටස් වෙළඳපලේ කොටස් වෙන් කරලා තියෙන පුවරු ගැනත් කියල දෙන්නම්. මේක මම කලින් දාන්න හිටියත්, අත්වැරදීමකින් ඩිලීට් වෙලා. ඉතින් අයෙ ලියලා දැන් දානවා. :'(

කොටස්  වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත කරන ආකාර
  1. දායකත්වයට ඉදිරිපත් කිරීම (Offer For Subscription) - මේකෙදි අපිට කොටස් මිලදී ගන්න පුළුවන්. ප්‍රාථමික කොටස් නිකුතුවක් කියන්නෙත් මේකටමයි.
  2. විකිනීමට ඉදිරිපත් කිරීම (Offer For Sale) - මෙතැනදී අලුත් කොටස් නිකුත් කරන්නේ නැහැ. දැනට ඉන්න කොටස්කරුවන්ගේ කොටස් අලුත් අයට විකිණීමයි මේකෙදි කරන්නේ.
  3. හඳුන්වාදීම (Introduction) - මෙතැනදී කිසිම කොටස් නිකුත් කිරීමක් හෝ විකිණීමක් කරන්නේ නැහැ. කෙලින්ම කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කරනවා. එතකොට අපිට කොටස් වෙලඳපලෙන්ම කොටස් ගන්න පුළුවන්.

 දැන් මම කියලා දෙන්න හදන්නේ කොටස් වෙළඳපලේ තියෙන පුවරු ගැන. ප්‍රධාන පුවරුව සහ දිරි සවි පුවරුව කියලා පුවරු දෙකක් අපේ කොටස් වෙළඳපලේ භාවිතා කරනවා. ඒවා පාවිච්චි කරන්නේ කොටස් වෙන්කරලා හඳුනා ගන්න.

Monday, July 9, 2012

Stock Market සිංහලෙන් #05 - සමාගම් හඳුනා ගැනීම

පහුගිය පොස්ට් එකෙන් තැරැව්කරුවන් ගැන දැන ගත්තනේ. ඒත් ඉතින් මේ මොනවා දැනගත්තත් වැඩක් නැහැනේ. කොටස් මිලදී ගන්න පුළුවන් සමාගම් මොනවද කියල දැනගන්නත් එපැයි. ඒ ගැන තමයි මම අද කියලා දෙන්න හදන්නේ. මීට කලින් මම දාන්න හිටියේ වෙන පොස්ට් එකක්. නමුත් මගේ අතින් වැරදිලා ඒක ඩිලීට් වෙලා.... :'( ඒක නිසා මම මේක දානවා. දාන්න හිටපු පොස්ට් ඒක අයෙත් ලියලා ඊළඟට දාන්නම්. ඒක පස්සේ දැම්මා කියලා වැඩි වෙනසක් වෙන්නේ නැහැ.

මේ පොස්ට් එකෙන් මම කියල දෙන්න හදන්නේ ඒ සමාගම් මොනවද කියන එකයි. නමුත් හැම සමාගම ගැනම මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වෙද්දී කොටස් වෙළඳපලේ සමාගම් 284ක් (මේ අගය වෙනස් වෙන්න පුළුවන්. මාසෙකට අලුත් සමාගම් 2ක් 3ක් එකතු වෙනවා.) ලැයිස්තු ගත කරලා තියෙනවා. ඒ වගේම ඒ සමාගම් සියල්ලම ඒගොල්ලෝ කරන ව්‍යාපාරය අනුව ව්‍යාපාර වර්ග (Business Sectors :P) 20කට වෙන් කරලා තියෙනවා. මම මේ පොස්ට් එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ ව්‍යාපාර වර්ග ගැන හැඳින්වීමක් දෙන්නත්. ඒ ව්‍යාපාර වර්ග වලට අදාලව තියෙන සමාගම් මොනවද කියන එකත්.