Thursday, September 22, 2011

Cube (1997) | ඝනකයක අරුමය

 This article is originally created for බයිස්කෝප් සිංහලෙන්

ඔන්න යාළුවනේ මේක තමා මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන පළවෙනි බයිස්කෝප් එක. මේක ටිකක් පරණ ෆිල්ම් එකක්, ඒ වගේම අමුතු විදියේ කතාවක් තමයි තියෙන්නත්. 1997දි තිරගත වුන මේ ෆිල්ම් එක IMDB ratings 7ක් ලබා ගෙන තියෙනවා. Horror , Mystery හා Sci-Fi යටතේ තමයි මේ ෆිල්ම් එක වර්ගීකරණය කරල තියෙන්නේ.
ඔන්න එහෙනම් ෆිල්ම් එක යන්නේ මෙහෙමයි. කතාව තියෙන්නේ සම්පූර්ණයෙන්ම ඝනකයක් (CUBE) ඇතුලේ. මේකේ චරිත 7ක් ඉන්නවා. මුලින්ම ෆිල්ම් එක ආරම්භ වෙන්නේ, ඇල්ඩසන් කියන පුද්ගලයා ඝනකාකාර කාමරයක් ඇතුලෙ ඉඳලා අවදි වෙනවා. මේ කාමරේ දොරවල් 6ක් තියෙනවා. ඉතින් මෙයා දොරවල් ඇරගෙන කාමරෙන් කාමරෙට යනවා.
මේකේ ඉන්න අනිත් චරිත තමයි ක්වෙන්ටින් (Quentin) කියලා පොලිස් නිලධාරියෙක්, ලෙවෙන් (Joan Leaven) නමැති ගණිතයට දක්ශ ගැහැණු ළමයෙක්, හෙලෙන් (Helen Holloway) නමැති වෛද්‍යවරියක් හා රෙන් (Rennes – “The Wren”) නමැති හිරකාරයෙක්. මේ රෙන් එසේ මෙසේ කෙනෙක් නෙමේයි. ප්‍රධාන සිරකඳවුරු 7කින් පැනපු හොඳ වැඩකාරයෙක්. ඒ වගේම ඩේවිඩ් වර්ත් (David Worth) නමැත්තෙක් හා මානසික ආබාධයකින් පෙලෙන ඒ වගේම වේගයෙන් ප්‍රථමක සංඛ්‍යා ගනණය කරන්න පුලුවන් කමක් තියෙන කසාන් (Kazan) කියලා පුද්ගලයෙක්.
ඉතින් මේ ඝනකයේ කාමර සෑහෙන ගානක් තියෙනවා. ඒවාගේ අමුතු අමුතු තාලේ මරණීය උගුල් තියෙනවා. ඒවා මොනවද කියලා ෆිල්ම් එක බලලාම දැන ගන්නකො. ඉතින් මේ කට්ටිය එයාලගේ තියෙන දක්ශකම් වලින් ප්‍රයෝජන අරගෙන කොහොම හරි මේකෙන් එලියට යන්නයි ට්‍රයි කරන්නේ. ෆිල්ම් එක බලලාම දැන ගන්නකො කව්ද කොහොමද බෙරිලා යන්නේ කියලා.
දැන් නම් විස්තර කිව්වා ඇති වගේ. ෆිල්ම් එක බාගෙන බලන්නකො. කමෙන්ට් එකකුත් දැම්මා නම් තමා හිතට සතුටු. ෆිල්ම් එක බලලා ගල් මුල් මල් දුන්නොත් මේ පුංචි තවත් සතුටු හිතෙයි. සිංහල සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම දැනට සමුගන්නවා. ෆිල්ම් එක බාගෙන බලන්ඩෝ…:D