Sunday, May 27, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 05

විචල්‍ය ආදේශනය - Substitution Variables

අද මම කියලදෙන්න යන්නේ තවත් වැදගත්ම කොටසක්. හැමදාම අපි කලේ Values SQL Statement එකට දීලා ඒ අනුව Result එක බලන එකනේ. ඒත් අද කියල දෙන්න හදන්නේ SQL Statement එක Run වෙනකොට අපිට කැමති අගයන් දීලා Result එක ගන්න පුළුවන් විදියකුයි.

මෙහිදී අපි ලියන්නේ පහත විදියටයි.

SELECT employee_id,
  last_name,
  salary,
  department_id
FROM employees
WHERE employee_id =
  &employee_num;

"&" සලකුණ මඟින් තාවකාලික අගයක් තැන්පත් කරගන්නවා. ඒ වගේම පරිශීලකයාට (User) කැමති අගයක් ලබා දෙන්න පුළුවන් කරනවා. ඉහත ප්‍රකාශනයේදී employee_num ලෙස ට කැමති අගයක් ලබා දෙන්න පුළුවන්. ඒ අගයට අනුව employee_id එක තියෙන employeeගේ විස්තර අපිට ලබාගන්න පුළුවන්. මේක කලහම පහත විදියට තමයි අපිට ප්‍රතිපලය ලැබෙන්නේ.


මෙතැනදී අපි කැමති අගයක් ලබාදෙන්න ඕනේ. අපි හිතමු "100" ලබා දුන්න කියලා. එතකොට පහත ප්‍රතිපලය ලැබෙනවා.


Tuesday, May 22, 2012

Stock Market සිංහලෙන් #01 - හැඳින්වීම

ගොඩක් අයගේ ඉල්ලීම මතත් ගොඩක් අය නොදන්නා දෙයක් නිසාත් මම තවත් අලුත් දෙයක් ඔයාලට කියලා දෙන්නයි හදන්නේ. අපේ ගොඩක් අය ට්‍රයි කරනවනේ ඉන්ටෙර්නෙට් එකෙන් සල්ලි හොයන්න. ගුගල් ඇඩ් සෙන්ස් , ඔඩෙස්ක් , ෆ්‍රී ලාන්ස් , ෆොරෙක්ස් ට්‍රේඩින් වගේ. ඒ විතරක් නෙමෙයි විවිධ වෙබ් සයිට් වල ඇඩ්ස් ක්ලික් කරලත් සල්ලි හොයන්න හදනවනේ. ඒත් සාර්ථක වෙන්නේ කිහිප දෙනෙක් තමයි. ඇඩ් ක්ලික් කරන එක නම් ගොඩක් වෙලාවට බොරු වැඩක්.


Saturday, May 19, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 04

ORDER BY Clause

අපි හැමවෙලේම  Data විදියට ගද්දි ඒවා ආවේ ඩේටාබේස් එකේ තියෙන විදියට ඒ පිලිවෙලටනේ. දැන් අපි බලමු අපිට ඕන ඒවා සකස් කරගන්නේ කොහොමද කියලා.

උදාහරණයක්‌ විදියට හිතමු අපිට සේවකන් බඳවාගත් දවස් (Hire Date) පිළිවෙලට එයාලගේ විස්තර ඕනේ කියල. එතකොට අපිට පුළුවන් පහත විදියට ලියන්න.

SELECT last_name,
  job_id,
  department_id,
  hire_date
FROM employees
ORDER BY hire_date ;


Saturday, May 5, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 03

කලින් පොස්ට් ඒකෙන් Operators ගැනත් ඒවා යොදාගන්න හැටිත් ඉගෙන ගත්තනේ. අද අපි බලමු Logical Operators එහෙමත් නැත්තම් තාර්කික සංකේත ගැන. ඒ කියන්නේ AND OR NOT වගේ ඒවා. මේවා ඔයාල කලින් ඉගෙනගෙනත් ඇති. ඒත් අපි බලමු SQL වලදී ඒවා යොදා ගන්නේ කොහොමද කියල.

සංකේතය
අර්ථය
AND
සංරචක අවශ්‍යතා දෙකම සත්‍ය වූ විට මුළු ප්‍රකාශනයම සත්‍ය වේ.
OR
සංරචක අවශ්‍යතා දෙකෙන් එකක් හෝ සත්‍ය වූ විට මුළු ප්‍රකාශනයම සත්‍ය වේ.
NOT
සංරචක අවශ්‍යතා සත්‍ය නොවූ විට ප්‍රකාශනය සත්‍ය වේ.

මෙම Logical Operators භාවිතා කරන්නත් අපි යොදා ගන්නේ WHERE Clause එකයි. දැන් මේ අපි තර්කනයන් සඳහා උදාහරණ කිහිපයක් බලමු.

Wednesday, May 2, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 02

කලින් පොස්ට් එකෙන් Operators මොනවද කියල හඳුනා ගත්තනේ. මේ පොස්ට් එකෙන් අපි ඒහා සම්බන්ධ වෙන උදාහරණ මොනවද කියල බලමු.

> ( විශාලයි )  සහ  < ( කුඩායි ) Operators

SELECT first_name, last_name, salary
FROM employees
WHERE salary > 3000;



SELECT first_name, last_name, salary
FROM employees
WHERE salary < 3000;