Tuesday, March 27, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 05

කලින් පොස්ට් එකෙන් SELECT එක ගැන කියල දුන්නානේ. අද මම කියල දෙන්න හදන්නේ අංක ගණිතමය ප්‍රකාශන ලියන හැටි.
සාමාන්‍යයෙන් මුලිකව අපි යොදාගන්නා  + (එකතු කිරීම), - (අඩු කිරීම), * (ගුණ කිරීම) හා / (බෙදීම) කියන ප්‍රකාශන ලියන හැටි බලමු.

Tuesday, March 13, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 04

දැන් අපි SQL Development වලට ඕන කරන ආම්පන්න ටික එහෙම රෙඩි කරගෙනනේ ඉන්නේ. වැඩේ පටන් ගන්න කලින් මම SQL එහෙම නැත්තම් Structured Query Language ගැන තව ටිකක් කියන්නම්.

  • SQL කියන්නේ Database සඳහා ANSI (American National Standards Institute - ඇමරිකානු ජාතික සම්මත ආයතනය) සම්මත භාෂාවක්.
  • ඒ  වගේම කාර්යක්ෂම , පහසුවෙන් ඉගෙන ගන්න වගේම පහසුවෙන් යොදා ගන්නත් පුළුවන් භාෂාවක්.
  • ඒ  වගේම සම්පුර්ණ වූ භාෂාවක් (Database එකක දත්ත  නියම කරන්න , සොයා ලබාගන්න, මෙහෙයවන්න)

Thursday, March 1, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 03

දැන් කට්ටිය Oracle Install කරලා එහෙම ඇතිනේ....
දැන් එහෙනම් hr Database 1 Unlock කරලා ඒකට Connect වෙන්නේ කොහොමද කියලා බලමු.

මුලින්ම Start Menu එකේ Search programs and files (නැත්තම් Run) එකේ sqlplus.exe කියලා Type කරන්න. එන Application එක open කරන්න.

දැන්  මෙහෙම Window 1ක් එයි.

Enter user-name: කියන තැන conn / as sysdba කියලා ටයිප් කරලා Enter කරන්න.

එතකොට පහත විදියට එයි.

ඊට පස්සේ SQL> කියන තැන alter user hr identified by hr; කියලා ටයිප් කරලා Enter කරන්න.

 ඊට පස්සේ SQL> කියන තැන alter user hr account unlock; කියලා ටයිප් කරලා Enter කරන්න. දැන් hr Database 1 Unlock වෙලා තියෙන්නේ. දැන් අපිට SQL Developer ඒකෙන Connect වෙන්න පුළුවන්.

දැන් Oracle SQL Developer එක Open කරගන්න. එකේ Connection කියන එක Right Click කරලා. New Connection කියන එක select කරන්න.
 
එතකොට පහත Window එක එයි.

එතන Connection Name, Username, Password කියන 3ටම hr කියලා දෙන්න. ඊට පස්සේ Test කියන එක Click කරන්න. Status : Success කියලා වැටෙනවා නම් වැඩේ Success. ඊට පස්සේ Connect Button 1 Click කරන්න.

 දැන් පහත විදියට පෙනේවි.

 දැන් අපිට ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්. වැඩේ කරන හැටි මීළඟ පොස්ට් එකෙන්.....