Saturday, June 23, 2012

Stock Market සිංහලෙන් #04 - කොටස් තැරව්කරුවන්ගේ විස්තර

පහුගිය පොස්ට් එකෙන් කොටස් ගන්න හැටි ගැන කතා කලානේ. ඒත් දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද බ්‍රෝකර් කෙනෙක් හොයාගන්නේ කියන එක. ඒක නිසා මම හිතුවා බ්‍රෝකර්වරුන්ගේ විස්තර ටික ඔයාලට දෙන්න. මේ වෙද්දී බලපත්‍ර ලාභී තැරව්කාර සමාගම් 28ක් තියෙනවා. ඒ වගේම එයාලගේ ශාඛා රටේ ප්‍රධාන නගර වල තියෙනවා. පහසුව සඳහා මම විස්තර ඉංග්‍රීසියෙන් දාන්නම්. ඔයාලට CDS Account එකක් හදාගන්න ඕනේ නම් ලඟම තියෙන Branch එකට Call 1ක් දීලා විස්තර අහගන්න. තවත් මොන හරි දැනගන්න ඕන නම් කමෙන්ට් 1ක් දාන්න.


Saturday, June 16, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 3 - Part 02

පහුගිය කොටසින් අපි Table එකක් හදන්නේ කොහොමද කියලා දැන ගත්තනේ. අද මම කියලා දෙන්න හදන්නේ ඒ හදපු Table එකක් වෙනස් කරන්නේ කොහොමද කියන එකයි අයින් කරන්නේ කොහොමද කියන එකයි.

මුලින්ම අපි බලමු කොහොමද කියලා. මේකෙදි අපි පාවිච්චි කරන Command එක තමයි ALTER Command එක.


උඩ තියෙන්නේ අපි කලින් හදපු Table එක. අපි හිතමු මේකේ අපිට මෙයාලගේ වැටුපත් දාන්න ඕන කියලා. ඒ සඳහා තවත් එකක් දන්න අපිට පහත Statement විදියේ එකක් ලියන්න පුළුවන්.

ALTER TABLE employeesdetails
ADD salary NUMBER(8,2);

මෙතනදී අපි salary නමින් අලුත් column එකක් හදනවා. මේකෙන් පස්සේ අපිට අපේ Table පහත විදියට දැක්වෙනවා.


Tuesday, June 12, 2012

Stock Market සිංහලෙන් #03 - කොටස් මිලදී ගැනීම

කලින් පොස්ට් වලින් කොටස් වෙළඳපල ගැන හැඳින්විමකුත් කොටස් වර්ග ගැන සහ ආයෝජනයේ වාසි ගැන කතා කලානේ. කොටස් මිලදී ගත හැකි ක්‍රම  මොනවද කියල තමයි මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ. මේකට ක්‍රම දෙකක් තියෙනවා.
  1. ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering) 
  2. තැරව්කරුවෙක් හරහා ද්වියිතික වෙලඳපලෙන් (On the Secondary market through a Stockbroker)

Friday, June 8, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 3 - Part 01

පහුගිය පොස්ට් වලින් කොහොමද ඩේටාබේස් එකකින් ඩේටා ගන්නේ සහ ඒවගේ විවිධ වෙනස් කම් කරන්නේ කියල බැලුවනේ. මේකෙන් මම කියල දෙන්න හදන්නේ කොහොමද ටේබල් එකක් CREATE කරන්නේ කියල.

TABLE එකක් හදන්න කලින් TABLE සහ COLUMNS වලට දෙන නම් සඳහා තියෙන නීතින් මොනවද කියල බලමු.
  1. අකුරකින් ආරම්භ කල යුතුය.
  2. තිබිය හැකි අකුරු හෝ ඉලක්කම් ගණන 1-30 වේ.
  3. A–Z, a–z, 0–9, _, $, සහ # යන ඒවා පමණක් භාවිත කල හැකිය.
  4. එකම නම දෙවරක් යොදා ගත නොහැකිය.
  5. Oracle සඳහා වෙන් කල නම් යොදා ගත නොහැකිය.
TABLE හදන්න කලින් දැන ගන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි DATA TYPES. දැන් අපි බලමු භාවිත වන DATA TYPES මොනවද කියලා. මම මෙතැනදී මුලිකව අවශ්‍ය වෙන ඒවා ගැන විතරක් කියන්නම්. ඉදිරියේදී අනිත් ඒවා ගැනත් කියන්නම්.

Friday, June 1, 2012

Stock Market සිංහලෙන් #02 - කොටස් වර්ග හා ආයෝජනයේ ප්‍රතිලාභ




කොටසක් යනු කුමක්ද?
කොටසක් යනු යම් සමාගමක ඔබගේ අයිතියයි.
කොටස් වර්ග
සාමාන්‍ය ඡන්ද හිමි කොටස් - Ordinary Shares (N)
  • සමාගමේ මහා සභා රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබේ.
  • සමාගම ලාභාංශ ගෙවන විට එය ලැබීම.
  • සමාගමක් ඈවර (වසා දමන විට) කරන විට, සියලුම ණයහිමියන්, ණයගැතියන් හා තැන්පත්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් වලින් පසුව කොටස්කරුවන්ට ගෙවීම් කරනු ලැබේ.
නිෂ්ඡන්ද කොටස් - Non-Voting Ordinary Shares (X)
  • සමාගමේ මහා සභා රැස්වීම් වලදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හැර සාමාන්‍ය කොටස් වල අයිතීන් සියල්ල ලැබෙයි.
වරණිය කොටස් - Preference Shares (P)
  • කලින් ගිවිසගත් ලාභාංශ අනුපාතයක් ඇත.
  • සාමාන්‍ය කොටස්කරුවන්ට පෙර ලාභාංශ ලැබේ.
  • ඈවර කිරීමකදී සාමාන්‍ය කොටස්කරුවන්ට වඩා ප්‍රමුඛතාවය ලැබේ.
බලපත්‍ර - Warrants (W)
  • සමාගමේ සාමාන්‍ය කොටස් යම්කිසි ගිවිසගත් මුදලකට අනාගතේදි මිලදී ගත හැකිය.