Monday, August 13, 2012

Stock Market සිංහලෙන් #08 - ඒකක භාර ගැන දැන ගනිමු

ඔන්න අද මම කියලා දෙන්න හදන්නේ ඒකක භාර ගැනයි. කලින් පොස්ට් එකකදී ඒකක භාර එහෙමත් නැත්තම් අරමුදල් ගැන ටිකක් කිව්වනේ. අද ඒ ගැන විස්තර කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මේ පොස්ට් එක කොටස් වෙළඳපල ගැන කියලා දෙන අවසාන පොස්ට් එකයි. ඒ වුනත් ඔයගොල්ලොන්ට කොටස් වෙළඳපල මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕනෑම වෙලාවක අහන්න පුළුවන්.


මම මුලින්ම කියල දෙන්නම් ඒකක භාර ගැන. ඒකක භාර එහෙමත් නැත්තම් Unit Trust කියන්නේ තවත් පිලිගත්ත ආයෝජන ක්‍රමයක්. මේකෙදි වෙන්නේ විනිමය සහ සුරැකුම්පත කොමිෂන් සභාවේ (Securities and Exchange Commission) බලපත්‍ර ලාභී කළමනාකරණ සමාගමක් විසින් නිකුත් කරපු ඒකක අපි මිලදී ගන්න එකයි. මේ සමාගම් කොටස් වෙළඳපලේ හොඳ සමාගම් ගැන හොයලා ඒවගේ ආයෝජනය කරනවා. ඒවගේ ප්‍රතිලාභ අපිට ලභා දෙනවා. මෙයාලා ගොඩක් ආයෝජනය කරන්නේ ටිකක් ලොකු සමාගම් වල. ඒ වගේම මේවගේ ආයෝජනය කලොත් අපිට අවධානම අඩුයි. නමුත් ලාභයත් ටිකක් අඩු වෙනවා. හරියට මම පහුගිය පොස්ට් එකෙන් කිව්වේ කුකුළා ගැන. අන්න ඒ වගේ වැඩක් තමයි මේක.

මේ වෙද්දී බලපත්‍ර ලබපු කළමනාකරණ සමාගම් 9ක් තියෙනවා. මම ඒවා ගැන ටිකක් කියන්නම් දැන්.

Wednesday, August 8, 2012

Stock Market සිංහලෙන් #07 - කොටස් දර්ශක, කොටස් ඇගයිම සහ තවත් ඒවා


ඔන්න අද මම මුලින්ම කියන්න යන්නේ කොටස් වෙළඳපලේ තියෙන දර්ශක ගැන. ඔය ප්‍රවෘර්ති වල එහෙම කියනවනේ සියලු කොටස් මිල දර්ශකය මෙච්චරක් ඉහල ගියා අච්චරක් පහල ගියා. මිලංකා මිල දර්ශකය මෙච්චරක් ඉහල ගියා අච්චරක් පහල ගියා කියලා. අද කියන්න යන්නේ අන්න ඒවා ගැන.
අපේ කොටස් වෙළඳ පලේ දර්ශක 3ක් තියෙනවා. ඒවගෙන් කොටස් වෙළඳපලේ හැසිරීම ගැන දළ අදහසක් ගන්න පුළුවන්. ඒවා තමයි සියලු කොටස් මිල දර්ශකය, මිලංකා මිල දර්ශකය සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් 20.