Saturday, July 21, 2012

Stock Market සිංහලෙන් #06 - ලැයිස්තු ගත කිරීම් සහ පුවරු


කලින් පොස්ට් එකෙන් අපි සමාගම් වර්ග කරලා තියෙන හැටිත් ඒ ඒ වර්ග වලට අදාලව තියෙන සමාගම් ගැනත් දැන ගත්තනේ. අද මම කියලා දෙන්න හදන්නේ සමාගම් ලැයිස්තු ගත කරන හැටි. ඒ වගේම අපේ කොටස් වෙළඳපලේ කොටස් වෙන් කරලා තියෙන පුවරු ගැනත් කියල දෙන්නම්. මේක මම කලින් දාන්න හිටියත්, අත්වැරදීමකින් ඩිලීට් වෙලා. ඉතින් අයෙ ලියලා දැන් දානවා. :'(

කොටස්  වෙළඳපලේ සමාගම් ලැයිස්තු ගත කරන ආකාර
  1. දායකත්වයට ඉදිරිපත් කිරීම (Offer For Subscription) - මේකෙදි අපිට කොටස් මිලදී ගන්න පුළුවන්. ප්‍රාථමික කොටස් නිකුතුවක් කියන්නෙත් මේකටමයි.
  2. විකිනීමට ඉදිරිපත් කිරීම (Offer For Sale) - මෙතැනදී අලුත් කොටස් නිකුත් කරන්නේ නැහැ. දැනට ඉන්න කොටස්කරුවන්ගේ කොටස් අලුත් අයට විකිණීමයි මේකෙදි කරන්නේ.
  3. හඳුන්වාදීම (Introduction) - මෙතැනදී කිසිම කොටස් නිකුත් කිරීමක් හෝ විකිණීමක් කරන්නේ නැහැ. කෙලින්ම කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කරනවා. එතකොට අපිට කොටස් වෙලඳපලෙන්ම කොටස් ගන්න පුළුවන්.

 දැන් මම කියලා දෙන්න හදන්නේ කොටස් වෙළඳපලේ තියෙන පුවරු ගැන. ප්‍රධාන පුවරුව සහ දිරි සවි පුවරුව කියලා පුවරු දෙකක් අපේ කොටස් වෙළඳපලේ භාවිතා කරනවා. ඒවා පාවිච්චි කරන්නේ කොටස් වෙන්කරලා හඳුනා ගන්න.

ප්‍රධාන පුවරුව - ප්‍රධාන පුවරුවේ තියෙන්නේ ලොකු සමාගම් තමයි
  1. ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන රු. 500ට (රු.500, 000,000/-) වඩා වැඩි විය යුතුය.
  2. අඛණ්ඩව වසර 3ක් ලාභ ලබා තිබිය යුතුය.
  3. පසුගිය වසර දෙකෙහි වත්කම් ධන අගයක් තිබිය යුතුය.
  4. මහජන කොටස් හිමිකාරිත්වය 25%ක් අවමව තිබිය යුතුය. කොටස් 100ට වැඩි කොටස්කරුවන් 1000ක් අවමව සිටිය යුතුය.
දිරි සවි පුවරුව - මේකේ තියෙන්නේ ටිකක් පොඩි වගේම අලුත් සමාගම්.
  1. ප්‍රකාශිත ප්‍රාග්ධනය මිලියන රු. 100ට (රු.100, 000,000/-) වඩා වැඩි විය යුතුය.
  2. පසුගිය වසරෙහි වත්කම් ධන අගයක් තිබිය යුතුය.
  3. මහජන කොටස් හිමිකාරිත්වය 10%ක් අවමව තිබිය යුතුය. කොටස් 100ට වැඩි කොටස්කරුවන් 100ක් අවමව සිටිය යුතුය.
  4. සමාගම  ආරම්භ කර වසරක්වත් ගතවී තිබිය යුතුය.
 
කොටස් වගේම අපේ කොටස් වෙළඳපලේ බැඳුම්කර සහ අරමුදල් වල ආයෝජනය කරන්න පුලුවන්. බැඳුම්කර ගැන මම මෙතැනදී කියන්න යන්නේ නැහැ. අරමුදල් ගැන කියන්නම්.

අරමුදල්  වලින් කරන්නේ අපෙන් සල්ලි අරගෙන ඒ අය හොඳ කොටස් වල ආයෝජනය කරලා අපිට ප්‍රතිලාභ දෙන එකයි. Unit Trust කියලා ඔයාලා අහලත් ඇති. ඒවගේ අවධානම අඩුයි. ඒ වගේම අදයමත් ටිකක් අඩුයි. ලැයිස්තු ගත කරපු අරමුදල් තියෙන්නේ එකක් විතරයි. ඒ නාමල් ඇකුවිටි වැලිව් ෆන්ඩ් (Namal Acuity Value Fund) කියන එකයි. නමුත් කොටස් වෙළඳපලෙන් නැතුව වෙනමත් Unit Trust ගන්න පුලුව. ඒවා නම් ගොඩක් තියෙනවා. මම ඒවා ගැන වෙනම පොස්ට් එකකින් කියන්නම්. අරමුදල් ලැයිස්තු ගත කරන්න පහත දේවල් සපුරන්න ඕන.
  1. යම් කාලසීමාවකදී අවසන් විය යුතු අතර විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාවේ බලපත්‍රලාභී කළමනාකරණ සමාගමක් මඟින් කළමනාකරය කල යුතුය.
  2. සම්පුර්ණයෙන් ගෙවූ, උකස්‌ වලින් නිදහස් සහ නිදහසේ පැවරිය හැකි විය යුතුය.
  3. අරමුදලේ අවමය රු මිලියන 25 (රු 25,000,000) වේ.
  4. ලියාපදිංචි කිරීම සඳහා ලේකම් වරයෙක් සිටිය යුතුය.
  5. ලැයිස්තු ගත නීති අනුව භාරකාර ඔප්පුවක් තිබිය යුතුය.
 
මම හිතනවා අදට මේ ටික ඇති කියල. මේවා අපිට කොටස් ගද්දි එතරම් වැදගත් නැහැ. ඒත් දැනගෙන ඉන්න එක හොඳයිනේ. ඒකයි මම මේවා දැම්මේ. සමහර විට ඉංග්‍රීසියෙන් තිබ්බ ඒවා සිංහලට හරවපු නිසා තේරෙන්න නැතුව ඇති. මටත් සිංහලෙන් කිව්වහම තේරෙන්නේ නැහැ වගේ. ලොල්... තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා අහන්න.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

7 comments:

  1. machan api kotas gaththama eke profit eka labenna kochchara kal yanawad?? samanyen apita kotas ganna api langa aguma kiyak withara thiyenna onada

    ReplyDelete
    Replies
    1. ඒක හරියටම කියන්න අමාරුයි මචං. සමහර විට දවසෙනුත් පුළුවන්. සමහර ඒවා මාස ගානක් යනවා. රු10,000 වගේ තිබ්බත් ඇති වෙයි මචං.

      Delete
  2. මම ඔක්කොම ටික කියෙව්වා.ඉක්මනට තව විස්තර කියලා ලිපි දාන්න...මේ වැඩේට අත ගහන්න ඉන්නේ එත් තාමත් දන්නවා මදි කියලා හිතෙන්නේ...දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. තව පුළුවන් තරම් දැන්නම් සහෝ. මොකක් හරි අවුලක් තියෙනවා නම් අහන්න. ගොඩක් දේවල් දැන ගන්න පුළුවන් වෙන්නේ මාර්කට් කරද්දීම තමයි.

      Delete
  3. machan api account eka open karala salli dammama ekata expire date ekk tiyenwda ?

    ReplyDelete