Wednesday, August 8, 2012

Stock Market සිංහලෙන් #07 - කොටස් දර්ශක, කොටස් ඇගයිම සහ තවත් ඒවා


ඔන්න අද මම මුලින්ම කියන්න යන්නේ කොටස් වෙළඳපලේ තියෙන දර්ශක ගැන. ඔය ප්‍රවෘර්ති වල එහෙම කියනවනේ සියලු කොටස් මිල දර්ශකය මෙච්චරක් ඉහල ගියා අච්චරක් පහල ගියා. මිලංකා මිල දර්ශකය මෙච්චරක් ඉහල ගියා අච්චරක් පහල ගියා කියලා. අද කියන්න යන්නේ අන්න ඒවා ගැන.
අපේ කොටස් වෙළඳ පලේ දර්ශක 3ක් තියෙනවා. ඒවගෙන් කොටස් වෙළඳපලේ හැසිරීම ගැන දළ අදහසක් ගන්න පුළුවන්. ඒවා තමයි සියලු කොටස් මිල දර්ශකය, මිලංකා මිල දර්ශකය සහ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් 20.





සියලු කොටස් මිල දර්ශකය - සියලුම ලැයිස්තු ගත ඡන්ද බලය හිමි සාමාන්‍ය කොටස් වල අගයන්ගේ වෙනස් විම් සලකලා තමයි මේක හදලා තියෙන්නේ. ඒකට සුත්‍රයක් තියෙනවා. ඒත් මේ වෙලාවේ ඒක කියන්න නම් හරිම අමාරුයි...:පි :පි දැන් නම් දිගට කොටස් වෙළඳ පල බහින නිසා මේකත් අඩුවේගෙන යනවා. මේක වාර්තා කරපු උපරිම අගය තමයි 7,300.68. ඒ 2010 ජනවාරි 20 වෙනිදායි. ඒ කාලේ මාර්කට් එකේ වසන්ත කාලේ කියන්න පුළුවන්.

ඕක හදන්නේ මෙන්න මෙහෙමයි.






මෙතැනදී පදනම් වසර විදියට 1985 අරගෙන තියෙනවා. ඒ වසරට සාපේක්ෂව තමයි දර්ශකය ගණනය කරන්නේ.



මිලංකා මිල දර්ශකය -1994 ජනවාරි 04 වෙනිදා තමයි මිලංකා මිල දර්ශකය හඳුන්වා දුන්නේ. කොටස් වෙළඳපලේ තියෙන ද්‍රශිලතාව වැඩි සමාගම් 25ක් තමයි මේකට ඇතුලත් වෙන්නේ. සැම මාස 6කට වරක් මේ සමාගම් වෙනස් කරනවා.







මේකෙදි පදනම් වසර 1998 සහ පදනම් අගය වෙන්නේ 1000.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් 20 (S&P Sri Lanka 20) - මේ දර්ශකය ආරම්භ කලේ මේ අවුරුද්දෙයි. මේක සිදු කරන්නේ ප්‍රසිද්ධ විදේශ ණය වර්ගීකරන ආයතනයක් වන ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් ආයතනය මඟින්. මෙතනදී ද්‍රශිලතාවසහ ප්‍රාග්ධනීකරණය වැඩිම සංගම් 20ක් තෝරාගෙන තියෙනවා. මේකේ පදනම් වසර වෙන්නේ 2004 දෙසැම්බර් 17 ඒ වගේම පදනම් අගය 1000ක් වෙනවා.


දැන් මම කියන්න යන්නේ කොටස් ඇගයිම එහෙමත් නැත්තම් විශ්ලේෂණය ඒත් නැත්තම් Stock Analyze ගැන. මේක සැහෙන පුළුල් දෙයක්. සාමාන්‍යයෙන් කොටස් ගද්දි විශ්ලේෂණය කරලා හොඳද නැද්ද කියලා බලලා තමයි ගන්නේ. ඒත් එහෙම කරන්නේ කිහිප දෙනයි. ගොඩක් අය කරන්නේ එහෙම බලන්නේ නැතුව ගන්න එකයි. ඒ වගේම සමහරු Technical Analyze කරනවා. ඒ කියන්නේ කොටස් වල හැසිරීම බලලා කොටස් ගන්නවා. ඒකට නම් සොෆ්ට්වෙයාර් පවා තියෙනවා. මම කියලා දෙන්න හදන්නේ කොටස් විශ්ලේෂණය කරන්න පාවිච්චි කරන මුලිකම දේවල් ටිකක්.

කොටසක ඉපයුම -        බදු වලින් පසු ලාභය         
                             නිකුත් කර ඇති කොටස් ගණන

හොඳ ලාභ ලබන සමාගම් වල මේ කොටසක ඉපයුම ( Earnings Per Share - EPS )ධන අගයක් ගන්නවා. කොටසක මිලට සාපේක්ෂව මේ අගය හොඳ මට්ටමක තියෙනවා නම් ඒ කොටස් ගන්න එක හොඳයි. (මිලදී ගත යුතුයි නෙමෙයි)

කොටසක ලාභාංශය -       ගෙවනු ලබන ලාභාංශය     
                                  නිකුත් කර ඇති කොටස් ගණන

ගොඩක් සමාගම් තාම ලාභයෙන් කොටසක් කොටස්කරුවන්ට ගෙවනවා. ඒකට තමයි ලාභාංශය කියන්නේ. කොටසක ලාභාංශය (Dividend Per Share - DPS) කොටසක මිලට අනුව සාපේක්ෂයි.

මුදල්  ඉපයීමේ අනුපාතය -  කොටසක වෙළඳපල අගය  
                                               කොටසක ඉපයුම

මේක  කොටසක වෙළඳපල වටිනාකම සහ එහි කොටසක ඉපයුම සංසන්දනය කරලා හදන අනුපාතයක්. මුදල්  ඉපයීමේ අනුපාතය (Price Earning Ratio - PER) අගය කුඩා වන තරමට හොඳයි. (මිලදී ගත යුතුයි නෙමෙයි)

ලාභාංශ  පලදාව - කොටසක ලාභාංශය X 100
                            කොටසක වෙළඳපල අගය

ලාභාංශ  පලදාව (Dividend Yield - DY) මඟින් කොටසක ලාභාංශ ගෙවීම කොටසක වෙළඳපල අගයට ප්‍රතිශතයක් විදියටලබා ගන්නවා. මේක ඉහල අගයක් ගන්නවා නම් ඒ කොටසුත් හොදයි. (මිලදී ගත යුතුයි නෙමෙයි)

මිට අමතරව තවත් ගොඩක් දේවල් කොටස් විශේෂණය කරන්න භාවිතා කරනවා. මේවා මුලිකම දේවල් ටිකයි.
ඔන්‍න‍  ඒවගෙන් පස්සේ මම කියලා දෙන්න යන්නේ කොටස් වෙළඳපලේ ඉන්න සත්තු ගැනයි. විවිධ ආයෝජකයන් කොටස් වෙළඳ පලේ ඉන්නවා. ඒ වගේම විවිධ අවස්ථා තියෙනවා. මේවා හඳුන්වා දෙන්න තමයි මේ සත්තු යොදා ගන්නේ. මේ සත්තු හතර දෙනා තමයි ගවයා (Bull), වලසා (Bear), කුකුළා (Chicken) සහ ඌරා (pig).

ගවයා (Bull) - මෙයා තමයි හොඳම සත්ත්වයා. කොටස් මිල ඉහල යන කොට, ආර්ථිකය ඉහල අයන කොට, සමාගම් වල වටිනාකම් වැඩි වෙනවා. ඉතින් මේ වගේ හොඳින් ඉහල යන වෙළඳපලක් අපි හඳුන්වනවා Bull Market එකක් කියලා. ඒත් ඉතින් හැමදාම මෙහෙම පවතින්නේ නැහැ. අපේ මාර්කට් එකත් Bull Market එකක් විදියට තිබ්බ පහුගිය වසර වල් වලදී. ඒත් දැන් ටිකක් ඩවුන්. :(
වලසා (Bear) - වලහා කොහොමත් කම්මැලි සතෙක්නෙ. Bear Market එකක් කියන්නේ කොටස් මිල පහල යන, සමාගම් වල අදායම් පහල යන අවස්ථාවක්. ඒත් මේ කාලේ කොටස් අඩුවට ගන්න පුළුවන්. ඒ නිසා මේ කාලේ කොටස් අරන් තියාගන්න එක හොඳයි. දැන් අපේ Market එකත් Bear Market එකක් වෙලයි තියෙන්නේ. මෙයාලා කොටස් මිල ඉහල යද්දී අඩුවට ගත්ත ඒවා වැඩියෙන් විකුනලා ලාභ ලබා ගන්නවා.


කුකුළා (Chickens) - මෙයා ටිකක් බය එක්කෙනෙක්.මෙයාලා බයයි අවදානමක් ගන්න. ඒ නිසා මෙයාලා අවධානම අඩු සුරැකුම් පත්,ඒකක භාර වගේ ඒවගේ ආයෝජනය කරලා සුළු ලාභයක් ගන්නවා. ඒ නිසා මෙයාලත් කොටස් වෙළඳපලෙන් කුඩා හෝ ලාභයක් ගන්නවා.
ඌරා (Pigs) - මෙයා තමයි නොවිය යුතු සතා. මෙයා හරිම මෝඩයි. මේ ගොල්ලොන්ට ඕනේ ලොකු ලාභයක් එක පාරටම ගන්න. අනවශ්‍ය අවධානම් ගන්නවා. කටකතා, බොරු පුවත් නිසා කොටස් ගන්න මේ අය අලාභ ලබනවා. වැඩකට නැති කොටස් වැඩි මිලට මිලදී ගෙන අඩුවට විකුණන්න වෙනවා. සමාගම ගැන හොයන්නේ නැතුව කොටස් ගන්නවා. ඒ නිසා මේ වගේ කෙනෙක් වෙන්න හොඳ නැහැ.


දැන් හිතලා බලන්න අපි කව්රු වගේ කෙනෙක්ද වෙන්න ඕනේ කියලා. වලසා සහ ගවයා කොටස් ගැන අවබෝධයෙන් ඉඳලා කොටස් වලින් ලාභයක් ලබනවා. කුකුලත් යම් අදායමක් ලබනවා. ඒත් ඌරා අලාභ ලබනවා.

මෙන්න මේ විදියේ කියමනක් තියෙනවා. ඒක මතක තියාගන්න.

Bulls make money, Bears make money, Pigs just get slaughtered!
එහෙනම්  ඊළඟ පොස්ට් එකෙන් හමුවෙමු. ගොඩක් වෙලාවට ඒක අවසාන පොස්ට් එක වේවි.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

2 comments:

  1. Stock Market වලට පහසු සොෆ්ට්වෙයා එකක් කියන්ඩ.

    ReplyDelete
    Replies
    1. ඒක අපි තෝරාගෙන ඉන්න බ්‍රෝකර් අනුව වෙනස් වෙනවා. CDAX, DirectFN වගේ ඒවා ගොඩක් බ්‍රෝකර්ලා පාවිච්චි කරනවා. ඊට අමතරව වෙබ් බ්‍රවුසර් එක මගින් යන්න පුළුවන් ඒවත් තියෙනවා.

      Delete