Wednesday, May 2, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 02

කලින් පොස්ට් එකෙන් Operators මොනවද කියල හඳුනා ගත්තනේ. මේ පොස්ට් එකෙන් අපි ඒහා සම්බන්ධ වෙන උදාහරණ මොනවද කියල බලමු.

> ( විශාලයි )  සහ  < ( කුඩායි ) Operators

SELECT first_name, last_name, salary
FROM employees
WHERE salary > 3000;



SELECT first_name, last_name, salary
FROM employees
WHERE salary < 3000;



> = ( විශාලයි හෝ සමානයි ) සහ < = ( කුඩායි හෝ සමානයි ) Operators

SELECT first_name, last_name, salary
FROM employees
WHERE salary >= 6000;



SELECT first_name, last_name, salary
FROM employees
WHERE salary <= 6000;



< > අසමාන අවස්ථාව

SELECT first_name, last_name, salary
FROM employees
WHERE salary <> 6000;



මෙතැනදී <> වෙනුවට != ලකුණ හෝ ^= ලකුණත් යොදන්න පුළුවන්.

BETWEEN ..... AND..... ( අගයන් දෙකක් අතර පවතින දත්ත ලබාගැනීම )

SELECT first_name,
  last_name,
  salary
FROM employees
WHERE salary BETWEEN 2000 AND 6000;


මෙතැනදී පහල සිමාව 2000 වන අතර ඉහල සිමාව 6000 වෙනවා. මෙතන එන දත්ත වල ඒ අගයන් තියෙන Rows පවා Result එකට එනවා.

IN (නම් කල අගයන් කිහිපයක් පමණක් ලබාගැනීම)

SELECT first_name,
  last_name,
  salary
FROM employees
WHERE salary IN (2600,6000,3000);


මෙතැනදී අපි දුන්න අගයන් වලට අදාල Rows ටික විතරක් Result එකට එනවා.

LIKE ( කිසියම් රටාවකට දත්ත ලබාගැනීම)

SELECT first_name, last_name
FROM employees
WHERE first_name LIKE 'S%';






SELECT first_name, last_name
FROM employees

WHERE first_name LIKE '_h%';




මෙතනදී අපි සංකේත දෙකක් භාවිතා කරනවා.

% - අකුරු කිසිවක් නැති හෝ අකුරු ගොඩක් සඳහා
_  - එක අකුරක් පමණක් සඳහා

දැන් අපි හිතමු අපිට ( _ ) සංකේතය අඩංගු දත්ත ලබා ගන්න ඕන කියල. එතකොට අපිට Escape කියන විධානය භාවිතා කරන්න වෙනවා. ඒක සම්බන්ධ අවස්ථාවක් බලමු දැන්.

SELECT first_name,
  last_name,
  job_id
FROM employees
WHERE job_id LIKE 'SA\_%' ESCAPE '\';




මෙතනදී මඟින් \ ලකුණ මඟහැරලා _ කියන ලකුණට එනවා.

IS NULL ( කිසිවක් නොමැති අවස්ථාව )

SELECT first_name,
  last_name,
  commission_pct
FROM employees
WHERE commission_pct IS NULL;



මෙතනදී Commission Pct. සඳහා කිසිම අගයක් නැති සියලුම Rows අපිට ලබාගන්න පුළුවන්.

මෙතනින් මේ පොස්ට් ඒක ඉවරයි. ඉලඟ පොස්ට් එකෙන් තවත් වැදගත් දේවල් ටිකක් කියල දෙන්නම්.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

0 අදහස්:

Post a Comment