Friday, February 24, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 01

ඉඳලා ඉඳලා බ්ලොග් එකක් හැදුවට ඒකට මුකුත්ම දාන්නත් බැරි වුනා. මොනාව හරි දාන්නම් කියල ඉද්දි කැම්පස් යන්නත් වුනා. අන්තිමේදී එහෙ වැඩට හිර වුන නිසා බ්ලොග් එක ගැන බලන්න අමතකම වෙලා ගියා.

ඒත් යාලුවෝ කීපදෙනෙක්ම කිව්වා බ්ලොග් එක හොඳට කරන්න කියලා. එක්සැම් එකත් ඉවර වෙලා ටිකක් ෆ්‍රී වුන එකේ මටත් හිතුනා බ්ලොග් එක ලියන්න ගත්තොත් හොඳයි නේද කියලා. එහෙම හිතල තමයි මම ඇක්සස් IPO එක ගැන පොස්ට් එකක් දැම්මෙත්.

මම හිතුවා මම දන්න දෙයක් කියල දුන්නොත් හොඳයි කියලා. එක නිසා මම හිතුව Oracle SQL කියලා දෙන්න. ඉස්සරහට ඉඩ තියෙන වෙලාවක වෙන වෙන ලැන්ග්වේජස් ටිකක් දාන්න බලන්නම්. ඒ වගේම Share Market එක ගැනත් පොස්ට් දාන්න තමා හිතාගෙන ඉන්නේ. මොකද ඉගෙන ගන්න වගේම ඒ අතරේ සල්ලි ටිකක් හොයා ගන්න පුළුවන් නම් ඒකත් ලොකු දෙයක්නේ ( Earn While Learn කියනවනේ හී... හී...).



හරි මම දැන් කියන්නම් වැඩේට ඕන ආම්පන්න ටික මොනාද කියලා.... 

Oracle Database

http://www.oracle.com/technetwork/database/enterprise-edition/downloads/index.html

එහෙමත් නැත්නම්  

Oracle Database Express Edition

http://www.oracle.com/technetwork/database/express-edition/downloads/index.html

(Oracle Database Express Edition එක භාවිතා කරනවා නම් වඩාත් ලේසි. Oracle Database එක ටිකක් ඇඩ්වාන්ස්. අපි පුහුණු වෙන්න කරන නිසා Oracle Database Express Edition එක හොඳයි.)

Oracle SQL Developer

http://www.oracle.com/technetwork/developer-tools/sql-developer/downloads/index.html

මේ ලින්ක් වලින් ඔයාලට අවශ්‍ය version 1 තෝරාගෙන Download කරගන්න. Oracle SQL Developer එක වැඩ කරන්න නම් අපේ පරිගණකයේ Java Development Kit (JDK) ඒකත් Install කරලා තියෙන්න ඕන.

හරි දැන් ඔය ටික Download කරගෙන තියාගන්න. මම ඊළඟ පොස්ට් එකෙන් SQL ගැන කෙටි හැඳින්වීමක් කරලා Oracle Database Express Edition එක Install කරන හැටිත් Oracle SQL Developer එක Connect කරන හැටිත් කියලා දෙන්නම්....
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

10 comments: