Tuesday, February 28, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 02

ඔන්න එහෙනම් කිව්වා වගේම Oracle SQL කියලා දෙන්නයි යන්නේ. Oracle කියන්නේ මොකද්ද කියල නම් කට්ටිය දන්නවා ඇති. Oracle Corporation කියන්නේ ප්‍රධාන වශයෙන්ම  Database Management Software සංවර්ධනය කරන company එකක් ( Java develop කරපු Sun Microsystems ඒකත් අයිති මේ සමාගමටමයි). ඉතින් මෙයාලාගේ Product එකේ නමත් Oracle. එකේ Edition කීපයක්ම තියෙනවා.

SQL කියන්නේ මොකක්ද කියල දැන් කියන්නම්. SQL කියලා කෙටියෙන් කියන්නේ Structured Query Language කියන එකයි.මේකත් Programming Language එකක් හැබැයි ඒක තියෙන්නේ Database Manage කරන්න. මම මෙතැනදී කියන්න බලාපොරොත්තු වෙන්නේ Oracle SQL Developer ගැනනේ. Oracle වලට අමතරව තවත් Database System ගොඩක් තියෙනවා. Microsoft SQL Server, MySQL, Access, Sybase, DB2 වගේ ඒවා. මේ ගොඩක් ඒවාගේ SQL අතර ලොකු වෙනසක් නැහැ. මුලික දේවල් ගොඩක් සමානයි.

එහෙනම් දැන් වැඩේ පටාන් ගමු.....






මං හිතන්නේ කට්ටිය මේ වෙද්දී මම කලින් පොස්ට් එකේ කිව්ව කළමනා ටික බාගෙන ඇති... 
  1.  මුලින්ම Java Development Kit (JDK) එක Install කරගන්න. ඒක සාමාන්‍ය විදියට කරන්න පුළුවන්.
  2. ඊළඟට Oracle Database Express Edition එකත් සාමාන්‍ය විදියට Install කරගන්න.
  3. එකේ ඒක පියවරකදී SYS හා SYSTEM Database සඳහා Password එකක් දෙන්න කියනවා. එතනදී Password ඒක විදියට system කියලම දෙන්න. ඒක ලේසියි.
  4. Oracle SQL Developer එක නම් Install කරන්න දෙයක් නැහැ. කෙලින්ම Zip File එක UnZip කරන්නයි තියෙන්නේ.
දැන් ඉතින් අපිට පුළුවන් SQL Developer එකෙන් Database එකක් අපිට අවශ්‍ය විදියට Manage කරන්න. මේකට අපිට Database එකක් අවශ්‍ය වෙනවනේ. සාමාන්‍යයෙන් Oracle Database ( or Oracle Database Express Edition ) Install කරද්දී එකේ hr නමින් සමාගමක Human Resource Department එකක Sample Database එකක් අඩංගු වෙනවා. ඒත් මේ Database එක Lock කරලා තමයි තියෙන්නේ. ඒක Unlock කරන හැටිත් ඊට පස්සේ Database එකට SQL Developer එකෙන් Database එකට Connect වෙන හැටිත් ඊළඟ ලිපියෙන් කියලා දෙන්නම්.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

0 අදහස්:

Post a Comment