Monday, April 9, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 06

කලින් පොස්ට් එකෙන් අපි ගණිතමය දේවල් ගැන ඉගෙන ගත්තනේ. අද පොස්ට් එකෙන් තවත් වැදගත් දේවල් ටිකක් කියලා දෙන්නයි බලාපොරොත්තු වෙන්නේ.
 
Column Name වෙනස් කරන හැටි.

අපි කලින් ලිව්ව Statements වලදී ආපු Results වල තිබ්බේ ඒ ඒ column වලට කලින් දීලා තිබ්බ නමමයි. ඒත් අපිට ඒක අපිට කැමති විදියට වෙනස් කරන්න පුළුවන්.
මේක අපිට දෙවිදිහකට කරන්න පුළුවන්. 

පළමු ආකාරය

SELECT last_name AS name,commission_pct AS commission
FROM employees;

මේ විදියට ලිව්වහම last_name කියන කොටසේ Column Name එක විදියට වැටෙන්නේ NAME කියලයි. commission_pct වෙනුවට COMMISSION කියල වැටෙනවා. ඒ කියන්නේ අපි දෙන නම කැපිටල් වලින් තමයි එන්නේ.



 දෙවැනි ආකාරය

SELECT last_name "Name" ,commission_pct "Commission"
FROM employees;

මේකෙදි අපිට අපි දුන්න විදියටම Column Name එක ලැබෙනවා.




















තවත් උදාහරණයක්‌ බලමු

SELECT last_name "Name" , salary * 12 "Annual Salary"
FROM employees;


Columns එකතු කිරීම

අපි කලින් කලේ එක එකක් පමණක් යොදාගෙන SQL Statements ලිව්ව එකනේ. දැන් බලමු Columns එකතු කරලා ලියන්නේ කොහොමද කියල.
මෙහිදී අපි භාවිතා කරන්නේ ඈඳුම් මෙහෙයවීමයි (Concatenation Operator). මෙහිදී අපි යොදා ගන්න සංකේතය වෙන්නේ || සංකේතයයි.

අපි හිතමු සේවකන්ගේ මුළු නමම එක Column එකකට ගන්න ඕන කියල. එතකොට අපිට කලින් කියපු ආකාර දෙකෙන්ම ලියන්න පුළුවන්.

පළමු  ආකාරය

SELECT first_name || last_name AS employee
FROM employees;





















දෙවැනි ආකාරය

SELECT first_name || last_name "Employee"
FROM employees;



|| මගින් අපිට Column කිහිපයක්ම එකතු කරලා තනි Column එකක් විදියට ලියන්න පුලවන්.
උදාහරණයක්‌ විදියට,

SELECT first_name || last_name || salary "Employee"
FROM employees;

ඒත් මේවගේ Result එක එන්නේ එකටමනේ. එතකොට අපිට කියවගන්නත් අපහසුයි. මේක තව ටිකක් ලස්සනට ගන්න විදිය දැන් බලමු.

අපි හිතමු මෙයාලගේ නම් දෙක අතරට හිස්තැනක් (Space) එකක් තියන්න ඕන කියලා. එතකොට අපිට පහත විදියට Statement එක ලියන්න පුළුවන්.

SELECT first_name || ' ' || last_name "Employee"
FROM employees;




මෙතනට අපිට වචනයක් හෝ වචන කිහිපයක් වුනත් එකතු කරන්න පුළුවන්.

SELECT first_name || ' is a ' || job_id "Employee"
FROM employees;




















අදට ඇති නේද. ඊළඟ පොස්ට් එකෙන් තවත් වැදගත් දේවල් ටිකක් කියල දෙන්නම්.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

0 අදහස්:

Post a Comment