Tuesday, March 27, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 05

කලින් පොස්ට් එකෙන් SELECT එක ගැන කියල දුන්නානේ. අද මම කියල දෙන්න හදන්නේ අංක ගණිතමය ප්‍රකාශන ලියන හැටි.
සාමාන්‍යයෙන් මුලිකව අපි යොදාගන්නා  + (එකතු කිරීම), - (අඩු කිරීම), * (ගුණ කිරීම) හා / (බෙදීම) කියන ප්‍රකාශන ලියන හැටි බලමු.


මෙම Database එකේ අංක සහිත column එකක් තමා Salary column එක. අපි හිතමු වැටුප 2000කින් වැඩි කරනවා කියල. එතකොට අපිට පුළුවන් පහත විදියට Statement එක ලියන්න.

SELECT last_name ,salary ,salary + 2000 FROM employees;

මේකෙදි Result එක විදියට අපිට එන්නේ Employeeගේ අවසාන නමයි. එයාගේ වැටුපයි ඒ වගේම වැටුපට 2000ක් එකතු වුනාම එන අගයයි.

මේ Statement එක Run කලාම එන Result පහත දාලා තියෙනවා.





















ඊළඟට අපි බලමු කෙනෙක්ගේ වසරේම වැටුප එන විදියට Statement එකක් ලියන්නේ කොහොමද කියලා.

SELECT last_name ,salary ,12 * salary FROM employees;

මේකෙදි අපිට Employeeගේ අවසාන නමත්. එයාගේ වැටුපත් ඒ වගේම වැටුප 12න් ගුණ වුනාම එන අගයත් Result එක විදියට එනවා.





















දැන්  බලමු මාසික වැටුප 200කින් වැඩි කලාම වාර්ෂික වැටුප කියක් එනවද කියල බලන්න පුළුවන් Statement එකක් ලියන්නේ කොහොමද කියලා.

SELECT last_name ,salary ,12 * (salary + 200) FROM employees;





















අපි අංක සමග වැඩ කරන හැටි දැන ගත්තනේ. දැන් අපි බලමු Null Values ගැන. Null Values කියන්නේ කිසිවක් නැත කියන අර්ථයයි. මේක බින්දුවත් නෙමෙයි ඒ වගේම හිස් තැනකුත් නෙමෙයි. දැන් Null Values සම්බන්ධ වෙන අවස්ථා ටිකක් බලමු. ඒවාගෙන් හරියටම තේරුම ගන්න පුළුවන් වෙයි Null Values කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා.

SELECT last_name ,salary ,commission_pct FROM employees;





















තව දුරටත් Null Values බලමු
වැටුප එක්ක Commission එක හොයාගන්නේ කොහොමද කියල

SELECT last_name, salary, salary * commission_pct FROM employees;

මෙහෙම Statement එක Run කලාම පහත Result එක එනවා.





















මේ පොස්ට් එකෙන් අංක ගණිතමය දේවල් කරන්නේ කොහොමද කියල මම කියලා දුන්නානේ. ඔයාලත් තව Statements ටිකක් ලියල පුරුදු වෙන්න. ඊළඟ පොස්ට් එකෙන් තවත් වැදගත් දේවල් ටිකක් දෙන්නම්කො.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

2 comments: