Saturday, May 19, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 04

ORDER BY Clause

අපි හැමවෙලේම  Data විදියට ගද්දි ඒවා ආවේ ඩේටාබේස් එකේ තියෙන විදියට ඒ පිලිවෙලටනේ. දැන් අපි බලමු අපිට ඕන ඒවා සකස් කරගන්නේ කොහොමද කියලා.

උදාහරණයක්‌ විදියට හිතමු අපිට සේවකන් බඳවාගත් දවස් (Hire Date) පිළිවෙලට එයාලගේ විස්තර ඕනේ කියල. එතකොට අපිට පුළුවන් පහත විදියට ලියන්න.

SELECT last_name,
  job_id,
  department_id,
  hire_date
FROM employees
ORDER BY hire_date ;


මෙතැනදී කියන්න ඕන දේවල් දෙකක් තියෙනවා. පලවෙනි එක තමයි අපි මේ විදියට පිළිවෙලට හදනවා නම් ORDER BY Clause එක SQL Statement එකේ අන්තිමේට තමයි දාන්න ඕනේ.

ඒ වගේම Null Values තියෙන එකක් හදනවා නම්
  1. Null Values මුලින් ගන්න NULLS FIRST
  2. Null Values අවසානෙට ගන්න NULLS LAST කියලා Key Word එක දෙන්න ඕන.
මෙතැනදී ඔයාලට තවත් දෙයක් පේනවා ඇති. ඒක තමයි මෙතන පිළිවෙල හැදෙන්නේ අඩු එකේ සිට වැඩිවෙන පිළිවෙලට (ආරෝහණ - Ascending Order). අවරෝහණ පිළිවෙලට හදාගන්න නම් කරන්න තියෙන්නේ පොඩි දෙයයි. Statement එක පහත විදියට පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ.

SELECT last_name,
  job_id,
  department_id,
  hire_date
FROM employees
ORDER BY hire_date DESC ;


මෙතැනදී අපිට පුළුවන් Column ඒකෙ නම වෙනුවට ඒ Column ඒකෙ පිහිටි ස්ථානයේ අගය දෙන්නත්.

උදා:

SELECT last_name,
  job_id,
  department_id,
  hire_date
FROM employees
ORDER BY 4;




















ඒ වගේම අපිට පුළුවන් Column කිහිපයක් වුනත් තියෙන පිළිවෙලට ගන්න. ඒ කියන්නේ මෙන්න මේ විදියට,

SELECT last_name,
  department_id,
  salary
FROM employees
ORDER BY department_id,
  salary;




















මෙතැනදී පළමු Column එකේ සමාන අගයන් තිබ්බොත් ඊළඟ Column එකේ පිළිවෙලට හැදෙනවා. මේ විදියට කිහිපයක් වුනත්එකතු කරලා අපිට ලියන්න පුළුවන්.

ඒ විතරක් නෙමෙයි අපිට පුළුවන් අපි ගත්තේ නැති Column එකක තියෙන පිළිවෙලටත් Data ගන්න.

උදා:

SELECT last_name,
  job_id,
  department_id,
  hire_date
FROM employees
ORDER BY salary ;




















එහෙනම් මේ ටික කරලා බලන්නකෝ. ඊළඟ පොස්ට් එකෙන් තවත් නියම දේවල් ටිකක් කියල දෙන්නම්.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

2 comments: