Sunday, May 27, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 2 - Part 05

විචල්‍ය ආදේශනය - Substitution Variables

අද මම කියලදෙන්න යන්නේ තවත් වැදගත්ම කොටසක්. හැමදාම අපි කලේ Values SQL Statement එකට දීලා ඒ අනුව Result එක බලන එකනේ. ඒත් අද කියල දෙන්න හදන්නේ SQL Statement එක Run වෙනකොට අපිට කැමති අගයන් දීලා Result එක ගන්න පුළුවන් විදියකුයි.

මෙහිදී අපි ලියන්නේ පහත විදියටයි.

SELECT employee_id,
  last_name,
  salary,
  department_id
FROM employees
WHERE employee_id =
  &employee_num;

"&" සලකුණ මඟින් තාවකාලික අගයක් තැන්පත් කරගන්නවා. ඒ වගේම පරිශීලකයාට (User) කැමති අගයක් ලබා දෙන්න පුළුවන් කරනවා. ඉහත ප්‍රකාශනයේදී employee_num ලෙස ට කැමති අගයක් ලබා දෙන්න පුළුවන්. ඒ අගයට අනුව employee_id එක තියෙන employeeගේ විස්තර අපිට ලබාගන්න පුළුවන්. මේක කලහම පහත විදියට තමයි අපිට ප්‍රතිපලය ලැබෙන්නේ.


මෙතැනදී අපි කැමති අගයක් ලබාදෙන්න ඕනේ. අපි හිතමු "100" ලබා දුන්න කියලා. එතකොට පහත ප්‍රතිපලය ලැබෙනවා.




මේ විදියට අපිට පුළුවන් වචනයක් වුනත් ලබා දෙන්න. ඒ විදියට දෙනකොට කරන්නේ මෙහෙමයි.

SELECT last_name,
  department_id,
  salary
FROM employees
WHERE job_id = '&job_title' ;

ඒ අනුව වචනයක් දෙද්දී ඒක උඩු කොමා ( '   ' ) ඇතුලේ දෙන්න ඕන. මේක RUN කරලා බලමු දැන්.

මෙතැනදී job_id එක තියෙන විදියටම දෙන්න ඕන. මොකද මේවා Case-Sensitive නිසා. දැන් අපට ප්‍රතිපලය ලැබෙනවා පහත විදියට,


තවදුරටත් මේකෙන් කරන්න දේවල් මොනවද කියල අපි බලමු. අපි හිතමු අපිට අවශ්‍ය Column  එකක අපිට අවශ්‍ය Condition එකකට ලියන්න ඕනේ කියල. එතකොට අපිට පහත විදියට ලියන්න පුළුවන්.

SELECT employee_id,
  last_name,
  job_id,
  &column_name
FROM employees
WHERE
  &condition;

මෙතැනදී &condition ඒක මඟින් අපිට අවශ්‍ය Column එක සහ Condition එක මොකද්ද කියල අහනවා.
එතනදි  මම පහත විදියට ලබාදෙනවා.
ප්‍රතිපලය විදියට අපිට ලැබෙනවා,


අපි දැන් බලමු කැමති Column එකක් අරගෙන ඒකට ORDER BY එකත් යොදලා ලියන්නේ කොහොමද කියලා.

SELECT employee_id,
  last_name,
  &&column_name
FROM employees
ORDER BY
  &column_name ;


&& මඟින් නැවත නැවතත් අවශ්‍ය Column එක ලබාදීම වළක්වා ගන්න පුළුවන්.


අදට මේ ඇති. මේකෙන් ගොඩක් දේවල් වෙනස් කර කර ට්‍රයි කරලා බලන්න පුළුවන් වෙයි. ඊළඟට අලුත්ම අලුත් කොටසක් පටන් ගන්න කියලයි මම හිතුවේ. ඊළඟ පොස්ට් එකෙන් තවත් නියම දේවල් ටිකක් කියල දෙන්නම්.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

0 අදහස්:

Post a Comment