Tuesday, June 12, 2012

Stock Market සිංහලෙන් #03 - කොටස් මිලදී ගැනීම

කලින් පොස්ට් වලින් කොටස් වෙළඳපල ගැන හැඳින්විමකුත් කොටස් වර්ග ගැන සහ ආයෝජනයේ වාසි ගැන කතා කලානේ. කොටස් මිලදී ගත හැකි ක්‍රම  මොනවද කියල තමයි මේ පොස්ට් එකෙන් කියල දෙන්න හදන්නේ. මේකට ක්‍රම දෙකක් තියෙනවා.
  1. ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering) 
  2. තැරව්කරුවෙක් හරහා ද්වියිතික වෙලඳපලෙන් (On the Secondary market through a Stockbroker)

ප්‍රාථමික කොටස් නිකුතුවකින් (IPO - Initial Public Offering)


සමාගමක කොටස් නිකුතුවක් ප්‍රාථමික කොටස් නිකුතුවක් ලෙස හැඳින්වේ. සමාගම කොටස් නිකුත් කරන විට අපිට කොටස් මිලදී ගත හැකිය. මෙහිදී සමාගම සාංගමික සංස්ථා ප්‍රකාශය (Prospectus), ව්‍යවස්ථාව (Articles) සහ එහි අනාගත අරමුණු ඉදිරිපත් කරයි . ඒවා හොඳින් කියවා අවබෝධ කරගෙන. හොඳ සමාගමක ආයෝජනය කල යුතුය. යම් සමාගමක් කොටස් වෙළඳපලේ ලැයිස්තු ගත කිරීමට ප්‍රාථමික කොටස් නිකුතුවක් කරන්නේ නම් එයට අයදුම් කිරීමට ඔබට CDS ගිණුමක් තිබිය යුතුය.

පහුගිය දවස් වල ෆේස්බුක් එකෙත් IPO එක තිබ්බා. ඔයාලට සමහර විට මතක ඇති.

තැරව්කරුවෙක් හරහා ද්වියිතික වෙලඳපලෙන් (On the Secondary market through a Stockbroker)


ද්වියිතික වෙලඳපල යනු කොටස් වෙළඳපලයි. මෙහිදී ඔබට තැරව්කරුවෙක් හරහා කොටස් මිලදී ගැනීම/ විකිණීම සිදු කල හැකිය.

කොටස්  මිලදී ගැනීමට සහ විකිනීමට තැරව්කරුට උපදෙස් දිය හැකි ක්‍රම කිහිපයක් තියෙනවා.

  • දුරකතනයෙන් දැනුම් දීමෙන්
  • ෆැක්ස් මඟින්
  • ඔහුව මුණගැසීමෙන්
  • අන්තර්ජාලය හරහා
මෙහෙම උපදෙස් දෙද්දී හරියට උපදෙස් දෙන්න ඕන. පහත දේවල් හරියටම කියන්න වෙනවා.
  • සමාගමේ නම
  • කොටස් ප්‍රමාණය
  • කොටසක වටිනාකම
මුදල් ගෙවීම
  1. අප විසින් මිලදී ගන්නා කොටස් සඳහා මිලදී ගත් දින සිට දින 3ක් (T+3) ඇතුලත ගෙවිය යුතුය.
  2. අප විකුණන කොටස් සඳහා අදාල ගෙවීම් විකුණු දින සිට දින 3කින් (T+3) ලැබේ.
එසේම අපි සිදු කරන හැම ගනුදෙනුවකටම යම් මුදලක් ගෙවන්න වෙනවා (Transaction Cost). ඒ කියන්නේ අපි කරන ගනුදෙනුවෙන් සියයට ප්‍රමාණයක් ගෙවන්න වෙනවා. ඒක පහත විදියට තමයි සිදු වෙන්නේ.

රු. මිලියන 50ක් දක්වා ගනුදෙනු සඳහා



රු. මිලියන 50ට වැඩි ගනුදෙනු සඳහා
 






මෙම ගෙවීම් යම් යම් කාල වලදී වෙනස් වෙනවා. දැන් තියෙන්නේ මේ ගණන් වලින් තමයි. අපි කරන ගනුදෙනු වල මුළු ගණනින් ප්‍රතිශතයක් විදියට තමයි මේක අය වෙන්නේ.


උදා: 
රු100 බැගින් කොටස් 100ක් ගත්තොත්,

100 * රු 100 = රු 10000.00
රු10000 * 1.12/100 = රු112.00
මුළු වියදම = රු 10112.00

රු100 බැගින් කොටස් 100ක් වික්කොත්,

100 * රු 100 = රු 10000.00
රු10000 * 1.12/100 = රු112.00
මුළු අදායම = රු 9888.00

මේ පොස්ට් එකෙන් කොටස් ගන්න හැටිත් කොටස් ගද්දි සහ විකුනද්දී වෙන වියදම් ගැනත් කියල දුන්නනේ. ඊළඟ එකෙන් කොටස් වෙළඳපලේ තියෙන පුවරු ගැනත් සමාගම් වර්ග ගැනත් කියල දෙන්නම්.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

3 comments:

  1. එතකොට බන් විකුණද්දිත් අර ටැක්ස් අරවා මෙව්වා ගෙවන්න ඕනෙද??

    ReplyDelete
    Replies
    1. ඔව් බං. ඒක තමයි මම ඔතන දාලා තියෙන්නේ. කොහොමත් ඒක ලොකු ගානක් නෙමෙයි. 1%ක් වගේ තමයි වෙන්නේ. ඒක කෙලින්ම කැපිලා ඉතුරු ටික තමයි අතට එන්නේ. වෙනම ගෙවන්න ඕන නැහැ.

      Delete
    2. ඒකෙත් හැටි බලහල්ලකෝ

      Delete