Friday, June 8, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 3 - Part 01

පහුගිය පොස්ට් වලින් කොහොමද ඩේටාබේස් එකකින් ඩේටා ගන්නේ සහ ඒවගේ විවිධ වෙනස් කම් කරන්නේ කියල බැලුවනේ. මේකෙන් මම කියල දෙන්න හදන්නේ කොහොමද ටේබල් එකක් CREATE කරන්නේ කියල.

TABLE එකක් හදන්න කලින් TABLE සහ COLUMNS වලට දෙන නම් සඳහා තියෙන නීතින් මොනවද කියල බලමු.
  1. අකුරකින් ආරම්භ කල යුතුය.
  2. තිබිය හැකි අකුරු හෝ ඉලක්කම් ගණන 1-30 වේ.
  3. A–Z, a–z, 0–9, _, $, සහ # යන ඒවා පමණක් භාවිත කල හැකිය.
  4. එකම නම දෙවරක් යොදා ගත නොහැකිය.
  5. Oracle සඳහා වෙන් කල නම් යොදා ගත නොහැකිය.
TABLE හදන්න කලින් දැන ගන්න ඕන තවත් දෙයක් තියෙනවා. ඒ තමයි DATA TYPES. දැන් අපි බලමු භාවිත වන DATA TYPES මොනවද කියලා. මම මෙතැනදී මුලිකව අවශ්‍ය වෙන ඒවා ගැන විතරක් කියන්නම්. ඉදිරියේදී අනිත් ඒවා ගැනත් කියන්නම්.


දත්ත වර්ගය
විස්තරය
VARCHAR2(A)
ලබා දෙන දත්ත අනුව ඉඩ වෙන් කරගනී. උපරිම දත්ත ප්‍රමාණය A වේ. අවමය 1කි. භාවිතා කල හැකි උපරිමය 4,000 වේ.
CHAR [(A)]
A ප්‍රමාණයම වෙන්කර ගනී. උපරිම දත්ත ප්‍රමාණය A වේ. අවමය 1කි. . භාවිතා කල හැකි උපරිමය 2,000 වේ.
NUMBER [(p,s)]
P යනු සියලුම ඉලක්කම් ගණනයි. S දශමස්ථානයේ සිට ඇති ඉලක්කම් ගණනයි.
DATE
දිනයන් සහ වේලාවන් සඳහා භාවිතා කරයි.
LONG
ලබා දෙන දත්ත අනුව ඉඩ වෙන් කරගනී. ගිගාබයිට් 2ක් දක්වා භාවිතා කල හැකිය.

ඒ වගේම දැන ගන්න ඕන තවත් දේවල් ටිකක් තියෙනවා. ඒ තමයි Constraints. ඒවගෙන් වෙන්නේ මෙහෙමයි.


Constraint
විස්තරය
NOT NULL
මෙම column එකේ කිසිවක් null නොවේ.
UNIQUE
මෙම column එකේ සියලු rows අනෙකකට සමාන නොවේ.
PRIMARY KEY
Table එකේ සෑම row එකක්ම වෙන වෙනම හඳුනාගත හැකිය.
FOREIGN KEY
Table දෙකක පවතින එකම අගයන් සහිත column එකකි.
CHECK
සත්‍ය විය හැකි කොන්දේසි හඳුන්වයි.

ගොඩක් ඒවා සිංහලෙන්ම දාල තියෙන නිසා තේරුම් ගන්න අමාරු වෙයි. ඒත් ඉස්සරහට TABLE හදද්දී ඒවගෙන් වෙන්නේ මොකද්ද කියල තේරුම් ගන්න පුළුවන් වෙයි.

දැන් අපි බලමු  එකක් හදන්නේ කොහොමද කියල. Worksheet එකේ පහත විදියට ටයිප් කරලා බලන්න.

CREATE TABLE employeesDetails
  (
    employee_id NUMBER(6),
    first_name  VARCHAR2(20),
    job_id      VARCHAR2(10) NOT NULL,
    CONSTRAINT emp_emp_id_pk PRIMARY KEY (EMPLOYEE_ID)
  );

මේක RUN කලාම Script Output එකේ "table EMPLOYEESDETAILS created." කියල ලැබෙයි. ඒ කියන්නේ අපේ TABLE එක සාර්ථකව CREATE වුනා කියන එකයි.

මෙතැනදී employeesDetails නමින් TABLE එකක් හැදෙනවා. ඒ වගේම ඒකෙ තියෙනවා,
  1. employee_idඉලක්කම් 6යි.
  2. first_name පළමු නම උපරිම අකුරු 20කි.
  3. job_id එක උපරිම අකුරු 10කි. එසේම null විය නොහැකිය.
ඒ වගේම මෙතැනදී CONSTRAINT emp_emp_id_pk PRIMARY KEY (EMPLOYEE_ID) මඟින් මෙම TABLE එකේ PRIMARY KEYඑක විදියට EMPLOYEE_ID එක දීලා තියෙනවා. මොකද EMPLOYEE_ID එක එකිනෙකට වෙනස් වෙනවනේ.

TABLE එක OPEN කලාම පහත විදියට අපිට දකින්න පුළුවන්.



අපි  අද එකක් හදන හැටි සහ ඒකෙ විස්තර දැන ගත්තනේ. තවත් ගොඩක් දේවල් තියෙනවා කියල දෙන්න. ඒවා ඊළඟ පොස්ට් එකෙන් කියන්නම්.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

0 අදහස්:

Post a Comment