Thursday, March 1, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 03

දැන් කට්ටිය Oracle Install කරලා එහෙම ඇතිනේ....
දැන් එහෙනම් hr Database 1 Unlock කරලා ඒකට Connect වෙන්නේ කොහොමද කියලා බලමු.

මුලින්ම Start Menu එකේ Search programs and files (නැත්තම් Run) එකේ sqlplus.exe කියලා Type කරන්න. එන Application එක open කරන්න.

දැන්  මෙහෙම Window 1ක් එයි.

Enter user-name: කියන තැන conn / as sysdba කියලා ටයිප් කරලා Enter කරන්න.

එතකොට පහත විදියට එයි.

ඊට පස්සේ SQL> කියන තැන alter user hr identified by hr; කියලා ටයිප් කරලා Enter කරන්න.

 ඊට පස්සේ SQL> කියන තැන alter user hr account unlock; කියලා ටයිප් කරලා Enter කරන්න. දැන් hr Database 1 Unlock වෙලා තියෙන්නේ. දැන් අපිට SQL Developer ඒකෙන Connect වෙන්න පුළුවන්.

දැන් Oracle SQL Developer එක Open කරගන්න. එකේ Connection කියන එක Right Click කරලා. New Connection කියන එක select කරන්න.
 
එතකොට පහත Window එක එයි.

එතන Connection Name, Username, Password කියන 3ටම hr කියලා දෙන්න. ඊට පස්සේ Test කියන එක Click කරන්න. Status : Success කියලා වැටෙනවා නම් වැඩේ Success. ඊට පස්සේ Connect Button 1 Click කරන්න.

 දැන් පහත විදියට පෙනේවි.

 දැන් අපිට ඉගෙන ගන්න පටන් ගන්න පුළුවන්. වැඩේ කරන හැටි මීළඟ පොස්ට් එකෙන්.....
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

9 comments:

  1. දිගටම කරන් පල මචං වටිනවා!!! සුභ ගමන්

    ReplyDelete
  2. aniwa...mekata comment watune nathath meka kiyawala danuma ganna kattiya godak innwa...aniwa...digatama karagena yanna..jaya srii

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහෝ... ඔයාල දැනුමක් ලබනවා නම් ඒක තමයි මගෙත් සතුට... ජය ශ්‍රී... :)

      Delete
  3. Help me,sqlplus.exe කියලා එකක් නැනේ හොයාගන්න...
    oracle and sql Developer install කරලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. Start Menu එකෙ Search programs and files වල sqlplus.exe කියලා Search කරන්න. එතකොට එයි.

      Delete
  4. ගොඩක් ස්තුතියි මල්ලියෝ... ඔයාගේ බ්ලොග් එක ගොඩක් වටිනවා... මං හරියට ඉන්ස්ටෝල් කර ගත්ත...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් ගොඩක් ස්තුතියි අක්කේ... :)

      Delete
  5. හ්ම්ම්ම්ම් අදයි මේ ඉසව්වේ ගොඩ වැදුනේ ලස්සනට ලියල තියෙනවා වැදගත් ලිපි පෙළක්

    ReplyDelete