Tuesday, March 13, 2012

Oracle SQL සිංහලෙන් - Chapter 1 - Part 04

දැන් අපි SQL Development වලට ඕන කරන ආම්පන්න ටික එහෙම රෙඩි කරගෙනනේ ඉන්නේ. වැඩේ පටන් ගන්න කලින් මම SQL එහෙම නැත්තම් Structured Query Language ගැන තව ටිකක් කියන්නම්.

  • SQL කියන්නේ Database සඳහා ANSI (American National Standards Institute - ඇමරිකානු ජාතික සම්මත ආයතනය) සම්මත භාෂාවක්.
  • ඒ  වගේම කාර්යක්ෂම , පහසුවෙන් ඉගෙන ගන්න වගේම පහසුවෙන් යොදා ගන්නත් පුළුවන් භාෂාවක්.
  • ඒ  වගේම සම්පුර්ණ වූ භාෂාවක් (Database එකක දත්ත  නියම කරන්න , සොයා ලබාගන්න, මෙහෙයවන්න)
හරි දැන් ඉතින් Oracle SQL Developer එකට යමුකෝ. Connection යටතේ hr Database එක ඇති. පොඩ්ඩක් එක Click කරලා බලන්න. ඒකෙ Tables යටතේ තියෙන්නේ  අපි යොදා ගන්න Data. ඒකෙ තියෙන Tables කොහොමද තියෙන්නේ කියල බැලුවම ඔයාලට Database එක තියෙන්නේ කොහොමද කියල හොඳ අවබෝධයක් එයි.

දැන් අපි SQL worksheet එක හඳුනාගමු.




















ඒ වගේම SQL Statments ලියන Worksheet එකට උඩින් තියෙන පළමු කොළ පාට බට්න් එකෙන් (Run Statement - Ctrl + Enter) අපි ලිව්ව Statement එකේ ප්‍රතිපලය බලා ගන්නත් දෙවැනි බට්න් එකෙන් (Run Script - F5) අපි ලිව්ව Statement එකේ ප්‍රතිපලය Script එකක් විදියට බලා ගන්නත් පුළුවන්. ඒ වගේම Format (Ctrl + F7) මගින් අපි ලිව්ව Statementඑක ලස්සනට හදාගන්න පුළුවන් (ජාවා සඳහා NetBeans පාවිච්චි කරලා තියෙනවා නම් ඒකෙ Alt + Shift + F එකෙන් වෙන දේ වගේමයි මේකෙත් වෙන්නේත්.).

සාමාන්‍ය Software එකක් වගේම මේකෙත් Save/Open වගේ Commands තියෙනවා. මේකේ files save වෙන්නේ .sql extension එකෙන්.

SQL Statements ලියන්න කලින් ඒවා ගැන තව ටිකක් කියන්නම්කො
  • SQL Statements case-sensitive නොවේ (ඒ කිව්වේ Simple, Capital අකුරු වර්ග දෙකක් විදියට නොව එකක් විදියට අඳුනා ගන්නවා).
  • SQL Statements තනි පේලියකින් හෝ පේලි කිහිපයකින් ලියන්න පුළුවන්.
  • මුලික පදයන් (Key words) කෙටියෙන් ලිවීමට නොහැකිය.
  • සාමාන්‍යයෙන් වාක්‍යාංශ(Clauses) වෙන වෙනම පේලි වලයි ලියන්නේ.
  • ඒ වගේම SQL Statements කිහිපයක් ලියද්දි ඒවා ; මගින් වෙන් කරලයි ලියන්නේ.
මේ  සමහර ඒවා නම් තේරෙන්නෙත් නැති වෙයි (සිංහලෙන් කියද්දී ඒවා මටත් තේරෙන්නේ නැහැ වගේ). ඉස්සරහට කියල දෙද්දී ඒවා තේරෙයි.
දැන්  අපි SQL Statments ලියන්න පටන් ගමු.

මුලික වශයෙන් අපි යොදා ගන්නේ SELECT කියන Statement එක. එකෙන් අපිට අවශ්‍ය Columns  තෝරාගන්න පුළුවන්. ඊට පස්සේ FROM කියන Statement එක. එකෙන් අපිට ඒ Columns තියෙන Table එක තෝරාගන්න පුළුවන්. හරිම පහසුයි. සරල ඉංගී‍්‍රසි තමයි මේකෙදි යොදා ගන්නේ.

අපි හිතමු අපිට employees Table එකේ තියෙන ඔක්කොම Columns කරගන්න ඕන කියලා. එතකොට අපි ලියන්නේ මෙහෙමයි.

select *
from employees;

Ctrl + F7 කලාම මෙන්න මේ විදියට එනවා.

SELECT * FROM employees;

ඊට පස්සේ Run Statement දෙන්න. Result එක පහත විදියට එයි (Ctrl + F7 මගින් Format කිරීම අනිවාර්ය නැහැ).













මේකෙදි ඔයාලට පේනවා ඇති employees Table එකේ තියෙන Columns ඔක්කොම ටික ඇවිල්ල තියෙනවා.

දැන් අපි බලමු අපිට අවශ්‍ය Columns විතරක් ගන්න ඕන නම් කොහොමද ලියන්න ඕන කියලා.

අපි හිතමු අපිට ඕන employees එකේ සේවකයන්ගේ මුල් නමයි අවසාන නමයි විතරක් ගන්න ඕන කියල. එතකොට අපි SQL Statments ලියන්නේ මෙහෙමයි.

SELECT first_name, last_name FROM employees;

මේක Run කලාම ඔයාලට පේනවා ඇති සේවකයන්ගේ මුල් නමයි අවසාන නමයි විතරක් ඇවිල්ල තියෙනවා.
දැන් ඉතින් මම කිව්ව ඒවා තව ටිකක් වෙනස් කරලා බලන්න. ඊළඟ පොස්ට් එකෙන් තව වැදගත් ඒවා ටිකක් කියල දෙන්නම්.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය

1 comment: