මුලින්ම අපි බලමු කොහොමද කියලා. මේකෙදි අපි පාවිච්චි කරන Command එක තමයි ALTER Command එක.
උඩ තියෙන්නේ අපි කලින් හදපු Table එක. අපි හිතමු මේකේ අපිට මෙයාලගේ වැටුපත් දාන්න ඕන කියලා. ඒ සඳහා තවත් එකක් දන්න අපිට පහත Statement විදියේ එකක් ලියන්න පුළුවන්.
ALTER TABLE employeesdetails
ADD salary NUMBER(8,2);
මෙතනදී අපි salary නමින් අලුත් column එකක් හදනවා. මේකෙන් පස්සේ අපිට අපේ Table පහත විදියට දැක්වෙනවා.
ALTER TABLE employeesdetails
MODIFY salary DATE;
මම හිතෙන්නේ ඒවා නම් වැඩිය විස්තර කරන්න ඕනේ නැහැ. Table එක දැක්කහම වැඩේ තේරෙනවා.
දැන් බලමු අපි හදපු Table එකක් හෝ Column එකක් අයින් කරන්නේ එහෙමත් නැත්තම් Delete කරන්නේ කියලා. එතැනදී අපි පාවිච්චි කරන්නේ DROP Command එක.
පළමුවෙන්ම අපි බලමු කොහොමද Column එකක් Delete කරන්නේ කියලා
ALTER TABLE employeesdetails
DROP column salary;
ඉහත Statement එක මඟින් salary කියන columnඑක ඉවත් කරනවා. එතකොට පහත විදියට අපිට අපේ Table එක දැකගන්න පුළුවන්.
දැන් බලමු කොහොමද Table එකක්ම අයින් කරන්නේ කියලා.
DROP TABLE employeesdetails;
මේකෙන් අපි හදපු employeesdetails Table එක Delete වෙලා යනවා. Connection එක Refresh කලහම අපිට එක නැති බව දැකගන්න පුළුවන්.
මම හිතුවා මෙතනින් මේ පාඩම් මාලාව ඉවර කරන්න. ගොඩක් දේවල් මෙතැනිදී මම කියලා දුන්න. යම් තරම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියල මම හිතනවා. තවත් අලුත් දෙයක් ළඟදීම අරන් එන්නම්. එතකන් කොළඹ කොටස් වෙළඳපල ගැන වගේම ඔයාලට අවශ්‍ය මෘදුකාංග සිංහලෙන් කියනවා නම් සොෆ්ට්වෙයාර්ස් ඩවුන්ලෝඩ් කරගන්න. ඒ වගේම ඔයාලගේ අදහස් මට කියන්න. එකත් මට ගොඩක් වැදගත්.
Facebook Comments Plugin Bloggerized by උත්පලගේ අඩවිය
මචං අදයි උබේ බ්ලොග් එකට ආවෙ. oracle database ඉගෙන ගන්න පුදුම ඇම්මක් තිබ්බෙ.උබට ගොඩක් පිං..
ReplyDeleteඑල දිගටම කරගෙන යමු වැඩේ....
තැන්ක්ස් මචං... ගොඩක් ලොකු හයියක්... :) :)
Delete